Monday, January 13, 2025

පොළොන්නරුවේ අලි මරණ ඉහලට

පොලොන්නරුව වනජීවී කලාපයේ පසුගිය වසරේ අලි මරණ 71ක් සිදුවී ඇතැයි වනජීවී නිලධාරීහු කියති.

එම සංඛ්‍යාව 2020 වසර හා සසඳන කල බෙහෙවින් ඉහළ අගයක් පෙන්නුම්කරන බවද ඔවුහු පැවැසූහ. වන අලි පහරදීම් හේතුවෙන් පසුගිය වසරේ (2021) සිදුවී ඇති මිනිස් මරණ ගණන 17කි. වනජීවී දෙපාර්තමේන්තුවේ නිල දත්තවලට අනුව ඊට පෙර වර්ෂයේ (2020) අලි මරණ 49ක් සිදුවී ඇති අතර මිනිස් මරණ 19ක් සිදුවී තිබේ.

පොලොන්නරුව කලාපය බාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.ජී.කීර්ති චන්‍ද්‍රරත්න මහතා ප්‍රකාශ කලේ 2020 වසරට වඩා පසුගිය වසරේ 2021 වසරේ මෙම වනජීවී කලාපයේ වන අලි මරණ බොහෝ සෙයින් වැඩිවීමක් පෙන්නුම් කරන බවයි. සෑම වසරකම සිදුවන වන අලි මරණවලින් විශාල ප්‍රමාණයක් ස්වාභාවික මරණ නොව අහඹු අනතුර සහ අලි මිනිස් ගැටුම් හේතුවෙන් සිදුවන අකල් මරණ බවත් වනජීවී කලාප තුල සහ ඉන් බැහැරව බහුලව සිදු කෙරෙන නොයෙකුත් නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් අලි මිනිස් ගැටුම් ඉහලයාමට විශාල වශයෙන් බලපා තිබෙන බවද චන්ද්‍රරත්න මහතා පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles