Saturday, January 11, 2025

පෝර්ට් සිටිය ගැන විපක්ෂය මෙසේ කියයි…

ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වරාය නගර සංවර්ධන කොමිසමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ මතය පිලිබදව ඊයේ විපක්ෂය පැවැත්වූ සාකච්ඡාවකදී මෙසේ අදහස් පළවිය.

රංජිත් මද්දුමබණ්ඩාර මහතා පා.ම – සමගි ජන බලවේගය

වරාය නගර පනත පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා එය ඉතිහාසයේ බැලුවම 2015ට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සින්නක්කරයට චීනයට විකුණා තිබුණා යහපාලනයේ අපිට හැකි වුනා එය 99 අවුරුද්දකට පරිවර්තනය කරන්න නැවත වරක් ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එය සින්නක්කරයට චීනයට විකුණල අපේ රටේ නීතියට පරිබාහිරව රටේ නීතියට අනුකූලව නැතුව රටේ මුදල් පනත් අයින් කර අනපනත් හතක් අයින් කර වෙනම රටක් වෙනම නීතියක් යටතේ පාලනය කරන්න උත්සාහ කරා රටට ආදරේ දේශ හිතෛෂී කරන සමගි ජන බලවේගයත් තවත් පාර්ශව කිහිපයක් අධිකරණයට ගියා අපි⁣ට පුලුවන් කම ලැබුණා ගෝඨාභය රාජපක්ෂ ගෙනාපු මේ පනත අකුලගන්න කටයුතු කරන්න ශේෂ්ඨාධිකරණයට අපේ ගෞරවය පුද කරනවා මේ පනතේ කරුණු 25ක් සම්බන්ධ තීන්දුවක් ලබා දී තිබෙනවා එහි අඩංගු කරුණු 16ක් තුනෙන් දෙකක බහුතර චන්දෙනුත් තව කරුණු 9ක් තුනේන් දෙකක ඡන්දය ජනමත විචාරණයකින් සම්මත කරන්න කියලා තීන්දු කරලා ආණ්ඩුව මෙය අකුල ගෙන තියෙනවා අපි එසේනම් මේ රටේ අයිතිය වරාය නගරයේ රටට තිබුණු අයිතිය නැවත සනාත කර ශක්තිමත් කරන්න අපිට පුලුවන් කම ලැබුණා ඒ විතරක් නෙමෙයි මේ රටේ කෑල්ලක් සින්නක්කරයට විකුණන්න ගිය එක නතර කිරීමට හැකියාව ලැබුණා මේක විපක්ෂයකි විදියට සමගි ජන බලවේගය ප්‍රධානත්වයෙන් නීතිඥ මහත්වරුන්ගේ සහයෝගය ඇතුව ආර්ථික විශේෂඥයින්ගේ සහාය ඇතුව ආණ්ඩුවේ පනත අකුල ගන්න හැකියාවක් ලැබුණා මේ පනත ඉදිරිපත් කරේ ආණ්ඩුවේ නිවාඩු දින දාලා එක දිනයක් විතරක් රාජකාරි දින කරලා අධිකරණයට යන්න බැරි වෙන්න තමයි ආණ්ඩුව කටයුතු කරේ නමුත් අපි එක දවසින් තමයි අපි අධිකරණ කටයුතු කරේ මේ සැරේ රටම වහලා සංචරණ සීමා දාලා සම්මත කරන්නයි ගියේ මා විශේෂ ස්තූතිය හා ගෞරවය පුද කරනවා ශේෂ්ඨාධිකරණයටත් නීතිඥ මහත්වරුන්ටත් අපිට රට ආරක්ෂා කරන්න රටේ කොටසක් රැකගන්න රටේ අයිතිය චීනයට පවා දෙන එක නතර කිරීමට කටයුතු කිරීම ගැන .

පා .ම ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා .

සමගි ජන බලවේගය විදියට අපි මුල සිටම වරාය නගරය සාර්ථක වෙනවා දකින්න අපි කැමති බව කිව්වා එය ලංකාවේ ඊලග සංවර්ධන ක්‍රියාදාමයට සරල භාන්ඩ හා සේවා නිෂ්පාදනය කරන සංකීර්ණ සේවා නිෂ්පාදන හා වැඩි පඩියක් ගන්න රැකියා නිෂ්පාදනය කරන රටක් බවට පරිවර්තනය කරන්න වැඩපිළිවෙළ සාර්ථක වියයුතුයි කියලා .නමුත් අපට ගැටලු තිබුණා එය රටේ ස්වරීත්වය ඒකීයබාවයට භෞමික අඛණ්ඩතාවට නීති සම්පාදනයට රටේ පාර්ලිමේන්තු බලය ඉවත් කිරීම යන ගැටලු රාශියක් තුබුණා එය අපි ශේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කර අවධානය යොමු කරන්න කියලා අපි අද සන්තෝස වෙනවා ශේෂ්ඨාධිකරණය අපි ඉදිරිපත් කර කාරණා පිලගෙන තීන්දුව රජයට දැනුම් දී තිබෙනවා එය ජනමත විචාරණයක් කරන්න කියලා මූලිකව අපි විරුද්ධ වු කාරණා ගණනාවක්ම තියෙනවා එහිදී රජයේ සංස්ථාවක් විදියට කටයුතු කරීමට අපිට අවශ්‍ය වුනා එම සංශෝධනය ගැන අධිකරණය දැනුම් දී නැහැ මෙහි අරමුදලට ජනතා මුදල් යම්කිසි ප්‍රමාණයක් ලබා ගතයුතු බවත් අපි කිව්වා එය ප්‍රාග්ධනය විදියට ඒ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න අපි සූදානම් වෙනවා අපි දිගින් දිගටම කිව්වා කොමිසමේ සාමාජිකයන් නිල බලයෙන් පත්විය යුතු බව එහිදී ශේෂ්ඨාධිකරණය පිලිගෙන තිබෙනවා බහුතරයක් ලංකාවේ පුරවැසියන් විය යුතු බව .⁣මෙහිදි ශේෂ්ඨාධිකරණය පැහැදිලිව කියා තිබෙනවා සම්පූර්ණම පාර්ලිමේන්තුවට වගකිවයුතුයි කියලා අපි සමගි ජන බලවේගය රටේ ජනතාව වෙනුවෙන් විශාල ජයග්‍රහණයක් විදියට දකිනවා ජනතාව නියොජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදියට තමයි මෙහි බලය තිබෙන්නේ කවුද මෙතනට එන්නේ කාටද මෙහි බදු සහන ලබා දෙන්නේ කොහොමද නියාමනය වෙන්නේ කයලා මෙහි ප්‍රජා රීති හදන්නත් බලය අපේ රටට අවශ්‍යයි ශේෂ්ඨාධිකරණය ආණ්ඩුවට කිව්වා මෙවැනි දෙයක් කරනවානම් තුනෙන් දෙකක් විතරක් නොව ජන මත විචාරණයක් අවශ්‍යයි කියලා මෙහි දකින මූලික දේ දේශිය ව්‍යාපාරිකයට ප්‍රශ්නයක් තිබුණා එය වරාය නගරයේ ලියාපදිංචි වූ ආයතනයකට පුළුවන් කම තිබුණා ලංකාවේ ඔනෑම තැනක පුද්ගලයෙක් සමග එකතුවෙලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න .මෙවැනි විශාල වෙනස්කම් රාශියක් ශේෂ්ඨාධිකරණය විසින් ලබා ගන්න හැකියාවක් ලැබුණා මෙය ඉදිරි සංවර්ධනයට විශාල ශක්තියක් වෙනවා .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles