Wednesday, January 22, 2025

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධන සහිතව සම්මත වෙයි

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

ක්‍රීඩා තරුණ කටයුතු හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම පනත් කෙටුම්පත සඳහා විපක්ෂයේ විරෝධය සටහන් කර ගන්නා ලෙස පනත ඉදිරිපත් කරන අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේදී එම පනත් කෙටුම්පතට ජන්ද විමසීමක් ඉල්ලීමට විපක්ෂය කලින් තීන්දු කර තිබුණද අවසන් මොහොතේ එය අත්හිටුවීමට විපක්ෂය පියවර ගෙන ඇත.

ඒ අනුව අද සවස ආණ්ඩුවට නිශ්චිත වශයෙන් තුනෙන් දෙකක බහුතරය තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් දැනගැනීමට තිබූ අවස්ථාව අහිමිව ගොස් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles