පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට විදුලි බල අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ ඊට අදාළ යෝජනාව හෙට රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය, අයි.ඕ.සී. සමාගමෙන් සෘජුවම ඉන්ධන මිලදී ගැනීමට කටයුතු කරමින් ඇතැයි ද අමාත්‍යවරයා කියාසිටියා.