Thursday, January 16, 2025

පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට අදාළ යෝජනාව අද අමාත්‍ය මණ්ඩලයට

පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට අදාළ යෝජනාව අද රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලය, අයි.ඕ.සී. සමාගමෙන් සෘජුවම ඉන්ධන මිලදී ගැනීමටද කටයුතු කරමින් සිටින බවයි.

අද සහ හෙට දිනවලදී ඉන්දීය තෙල් සමාගම හරහා විදුලිබල මණ්ඩලයට සෘජුවම තෙල් මිලදී ගැනීමට හැකිවනු ඇති බවයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කියාසිටියේ.

ඔහු ප්‍රකාශ කළේ ඉදිරි සතිය සඳහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තෙල් ප්‍රමාණය සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගත යුතුව පවතින බවයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේ ලබන 07 වනදා සිට උසස් පෙළ විභාගය අවසන් වන තුරු විදුලිය කප්පාදු නොකරන ලෙසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles