Tuesday, September 24, 2024

පෞද්ගලික බස් රථවලින් 50% ක් ධාවනයෙන් ඉවත් වෙලා

ඉන්ධන හිඟය ඇතුළු විවිධ ප්‍රශ්න හේතුවෙන් පෞද්ගලික බස් රථවලින් සියයට පනහක් ධාවනයෙන් ඉවත් වී ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසුවෙි නිතර නිතර ඇති වන ඉන්ධන හිඟය හේතුවෙන් තවදුරටත් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමේ අවදානමක් මතුව ඇති බවත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සියලු බස් රථ ධාවනයේ යෙදවීමට හැකියාව ඇති බැවින් බස් ධාවනය සඳහා ඉන්ධන හිඟය බලනොපාන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලු ඩිපෝවල හිඟයකින් තොරව ඉන්ධන ඇති බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

මෙි අතර ඉන්ධන නොමැති වීම නිසා බස් රථ ගමනාන්තය කරා යෑමට නොහැකිව, අතරමග නතර වුන අවස්ථා ගණනාවක් වාර්තා වූ බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මගී බස් රථ ධාවනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් අඩු වී ඇති බව ඔහු පවසයි.

නිතර ඇති වන ඉන්ධන හිඟය හේතුවෙන් තවදුරට ත් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වීමේ අවදානමක් මතුව ඇතැයි හෙතෙම පැවසීය.

කොවිඩ් වසංගත සමයේ පෞද්ගලික බස් රථ රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට සිය රැකියාව අහිමි වීම මත ඔවුන් වෙනත් රැකියා සොයා ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

පෞද්ගලික බස් රථවල රියැදුරන් තරගකාරී ධාවනයන්හි යෙදෙන තත්ත්වය වැඩි වී ඇතැයි ද එවැනි අවස්ථාවන් සඳහා දැඩි නීති අනුගමනය කළ යුතු බව ද සභාපතිවරයා පැවසීය.

එවැනි තරගකාරී ධාවනයන් සඳහා මුල් වී ඇත්තේ ද අදාළ බලධාරීන් නිසි ධාවන කාලසටහන් සකසා නොදීම බවත් ඔහු සඳහන් කළේ ය.

මහ පරිමාණ ලෙස බස් රථ ධාවනය සඳහා අවසරපත් ලබාදීමේදී එය ද දේශපාලනීකරණය වී ඇතැයි හෙතෙම කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles