පෞද්ගලික සේවයකයන්ටත් විශ්‍රාම යාමෙි වයස 60 දක්වා දීර්ඝ කෙරේ

0
333

පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කර තිබෙනවා.

මේ වන තෙක් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාවක් තීරණය කර නොතිබීම මීට හේතුවයි.

එම සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීම සඳහා පාදක කර ගනු ලැබුවේ සේව්‍ය හා සේවක දෙපාර්ශවය අතර ඇති කර ගන්නා ගිවිසුමේ සඳහන් කොන්දේසි මතයි.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කලේ අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here