ප‍්‍රසන්න ගුණසේන හොරෙක් – කොමිස් මුදල් පිටරට ගිණුම්වල

0
296

ඖෂධ සංස්ථාවේ සභාපති ප‍්‍රසන්න ගුණසේන හොරෙක් බවත්, ඔහු ලබාගන්නා කොමිස් මුදල් පිටරට ගිණුම්වල තැන්පත්වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂණ බෙල්ලන පැවසුවේය.

පැවති ප‍්‍රවෘත්ති සාකච්ජාවක අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුක්ෂන් බෙල්ලන මෙසේද පැවසුවේය.

ඖෂධ සංස්ථාවේ සභාපති ප‍්‍රසන්න ගුණසේන ඉල්ලා අස්වෙනවා කියලා ප‍්‍රසන්න ගුණසේන කියලා තියෙනවා. හරියට හොරා පොලිස් සෙල්ලම් කරනවා වගේ වැඩක් තමයි මේ.

අනේ සංස්ථාවෙන් අයින් වෙනවා නම් අයින් වෙන්න. මෙච්චරකල් ඉන්නවත් සුදුසු නෑ. මේ ඉන්නේ හොරෙක්. මෙහේ නෙමෙයි කොමිස් මුදල් එකතුවෙන්නේ. පිටරට ගිණුම්වල. පැනමා පේපර්ස් වර්ග තව අවුරුදු පහකින් විතර එනකොට මේ නම් තියේවි.

සෞඛ්‍ය සේවය මේ හොරුන්ට දෙන්න ඔ්න නෑ. මේ සභාපති ඉල්ලා අස්වෙනවා නම් අස්වෙලා යන්න. තොලොංචිවෙලා යන්න. මේ වගේ ජරා සභාපතිවරු අපි දැකලා නෑ. එක වෙලාවකට ගිහින් ලංකා හොස්පිටල් එකේ පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙනෙවා.

https://youtu.be/eAg37PvNA0Q

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here