ප‍්‍රසූත වේදනාව මවකට දැනෙන්න දෙන්නේ නැ , ඇමැති රාජිත සේනාරත්න

0
682

ගර්භණී කාන්තාවන්ට වේදනාවෙන් තොර දරු ප‍්‍රසූතියක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නව යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ, එන්ටර් නොක්ස් නම් වේදනානාශක ඖෂධය සියලුම ගර්භණී කාන්තාවන්ට ලබාදීම සඳහායි.

 

ශ‍්‍රී ලංකාවේ කිසිදු ඖෂධ හිඟයක් මේ වන විට නොමැති බවද කිසියම් රෝහලක ඖෂධ හිඟයක් පවතින්නේ නම් එය නිලධාරීන්ගේ වරදක් බවද අමාත්‍යවරයා කියා සිටියා.

 

රජයේ රෝහල්වල ඖෂධ සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් බිලියන 60ක්. එය අඩුකර ගැනීම සඳහා ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසුවා.

 

ඊ හෙල්ත් ව්‍යාපෘතිය සෑම රෝහලකම කි‍්‍රයාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ තවත් යෝජනාවක්.

 

මේ යටතේ රෝගීන්ට විද්‍යුත් අංකයක් ලබාදෙන අතර රෝගියාගේ සියලු පරීක්ෂණ වාර්තා ඒ යටතේ පරිගණකගත කෙරෙනවා.

– See more at: http://nethfm.com/article/108700#sthash.1WlLSp8t.dpuf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here