බංගලිදේසෙටත් ණයවෙයි… බංග්ලාදේශයට පරදියි….

0
366

අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්  ශ්‍රී ලංකාවට ලබා  දීමට බංග්ලාදේශයේ බැංකු මණ්ඩලය අනුමත කර ඇතැයි එරට පළවන නිව් ඒජ් පුවත්සේවය වාර්තා කර ඇත.

එරට මහ බැංකු අධිපති ෆස්ලි කබීර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 23 වැනිදා රැස් වූ එම බැංකු මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන් විනිමය හුවමාරු පහසුකමක් හෙවත් ස්වැප් පහසුකමක් ලෙස මෙම ණය මුදල ලබා දීම අනුමත කර ඇති බවද ඒම බංග්ලාදේශ් පුවත් වාර්තාවේ සදහන් වේ.

ඒ අතර,

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති දෙවන එක්දින තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 103කින් ජය ලබා ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරේහිව පළමුවරට එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here