බංග්ලාදේශයෙන් ගත්තේ ණයක් නොවේ. මුල්‍ය හුවමාරු ගිවිසුමක්. පොලියත් එක්ක ආපසු දෙනවා – සංජීව එදිරිමාන්න

0
312

ශ්‍රී ලංකාව බංගලිදේශයෙන් ඩොලර් මිලියන දෙසීයක් ගත්තේ ණයක් ලෙස නොව මුදල් හුවමාරු ගිවිසුමක් ලෙස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කරයි.
‘මේක ණයක් නෙවෙයි. මේකට අපි කියන්නේ මුදල් හුවමාරු ගිවිසුමක් කියලා. අපි ඩොලර් මිලියන දෙසීයක් ගත්තා. හංගන්න දෙයක් නෑ. මේකෙදි වෙන්නේ අපි ඇමරිකානු ඩොලර් මිලියන දෙසීයක් බංගලාදේශයෙන් ගත්තා. ඊට සමාන රුපියල් මුදල් ප්‍රමාණයක් ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් මිලියන හතළිස් දාහක් විතර ඒ රටේ තැන්පත් කරනවා. මේ ගිවිසුම අවසානයේදී මේ මිලියන දෙසිය අපි එහාට දෙනවා ඩොලර් වලින්. ඒ අය මේ කාලෙට අදාළව යම් කිසි පොලියක් අපෙන් ඉල්ලයි. ඒක තමයි බංගලදේශයට ඊට අදාලව ලැබෙන ප්‍රතිලාභය’ යයි රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් ඔහු එසේ අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here