බටහිර පර්යන්තයටත් විරෝධය ඇරඹෙයි

0
304

පසුගියදා ගිවිසුමක් අත්සන් තැබූ කොළඹ වරායේ බටහිර පර්යන්තයෙත් පිළිබඳව විරෝධයක් ඇතිව තිබෙනවා.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය විසින් ජනාධිපතිවරයාට ලිපියක් නිකුත් කරමින් බටහිර පර්යන්තය පැවරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබෙනවා.

ඉන්දියානු අදානි සමාගමට 51%ක්ද, ගිවිසුම අනුව දේශීය නියෝජිතායනය ලෙස කටයුතු කරන ජෝන් කීල්ස් සමාගමට 34%ක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%ක් ලෙස ලැබෙන පරිදි වසර 35ක් සඳහා මෙම ගිවිසුම සකස් කර තිබෙනවා.

වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා වරයා අධිකාරියත්, ඉන්දියානු අදානි සමාගම ඇතුළු පාර්ශවකරුවන් සමඟ අත්සන් තබන ලද මෙම ගිවිසුම, මහජනතාව, පාර්ලිමේන්තුව හා වෘත්තීය සමිති දැනුවත් නොකර රටට හොර රහසේ අත්සන් කිරීම තුළින් එහි රටට අහිතකර හා අවාසිදායක කොන්දේසි මෙම ගිවිසුම තුළ අන්තර්ගතව ඇති බවයි.

රජය බලයට පත්වීමෙන් පසුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙන් 49%ක් කොටස් ප්‍රමාණයක් ඉන්දියාවේ අදානි සමාගම වෙත විකුණා දැමීමට උත්සහ ගත් බවත් එහිදී බටහිර කොටස අදානි සමාගමට දීම තුළින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ විකිණීමේ ප්‍රතිපත්තිය දැයි එහිදී වෘත්තීය සමිතිය විසින් ජනාධිපතිවරයාගෙන් විමසා තිබුණා.

ජනාධිපතිවරයා වෙත නිකුත් කළ සම්පුර්ණ ලිපිය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here