බඩගින්නේ හරි දරුවන්ට උගන්වන්න පටන් ගන්න ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමි පවසයි

0
283

ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 137 වන ජන්ම දිනය වෙනුවෙන් ලූල්බද්දුව ග්‍රාමයේ කන්නන්ගර සමාධියට උපහාර දැක්වීමේ උත්සවයේදී  අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන්  වත්මන් අධ්‍යාපනය සහ කන්නන්ගර දැක්ම පිළිඹදව අදහස් දැක්වූ අතර එහිදී උන් වහන්සේ මෙසේ දේශනා කළහ 


මම ඉතාම කරුණාවෙන් සඳහන් කරන්නේ, රටේ ගුරුවරු පාසල් දරුවන්ට ඉගැන්වීම ඉක්මනින් ආරම්භ කරන්න. කන්නන්ගර ශ්‍රීමතාණන් අපට පෙන්වූ දෙය තමයි සියලුම දරුවන්ට ඇති නැති හෝ වෙනත් භේද නොසලකා නිදහස් අධ්‍යාපනය ලබාදීම. එබැවින් මේ මොහොතේ මා ඉතා කරුණාවෙන් මේ රටේ ගුරුවරුන්ට කියන්නේ අනිත් සියලු දේ අමතක කරලා, බඩගින්නේ හරි දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්න. මේ මොහොතේ සියල්ලටම වඩා වැදගත් දේ ඒක. නොමිලේ හරි උගන්වනවා කියලා රට වෙනුවෙන් සහ රටේ අනාගතය වෙනුවෙන් දරුවන්ට උගන්වන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here