Tuesday, December 24, 2024

බඩගින්න වැඩිවුණා කියලා කවුරුත් බඩගින්නේ මැරෙන්නෙ නෑ

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිවීමෙන් කිසිම කෙනෙකු කුසගින්නෙන් මැරෙන්නේ නැති බවත් සීනි සහ සහල් මිල ඉහළ යාම මහා දෙයක් නොවන බවත් මහාචාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර මහතා පවසනවා .

සීනි / සිමෙන්ති වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහලයාමට වඩා කොරෝනා වසංගතය බරපතල ප්‍රශ්නයක් බවත් ,චීන පොහොර නැව සමිබන්ධයෙන් තමන් නොදන්නා බවත් මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

2020 අයවැයෙන් ජනතාවට සහන සැලසිය නොහැකි බවත් රජය ජනතාවගෙන් සහන ලබා ගත යුතු බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ නැති බවත් ජනතාවට බරක් නොවී අයවැය ඉදිරිපත් කරන බවට ඔහු කළ ප්‍රකාශය මාධ්‍ය තුළ විකෘති කර තිබෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

කොරෝනා වසංගතය හමුවේ රටේ මිලියන 21 ක ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම පිළිබද ආණ්ඩුවට සියලු දෙනා ස්තුති වන්ත විය යුතු බවයි මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles