Saturday, September 21, 2024

බඩල්කුඹුරෙන් හිස් කබලක් හමුවෙයි- වේල්ල වීදියේ හිස සුන් තරැණියගේ මළ සිරුරේ හිස්කබල දැයි සැකයක් !

බඩල්කුඹුර පස්සර ප්‍රධාන මාර්ගයේ පාලු ඉඩමක තිබී මිනිස් හිස් කබලක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙය හමු වී ඇත්තේ බඩල්කුඹුර – පස්සර ප්‍රධාන මාර්ගයේ අළුපොත ප්‍රදේශයේ, කිලෝමීටර් 11 කණුව ආසන්නයේ ඇති පාළු ඉඩමක තිබියදී බව වැඩි දුරටත් සඳහන් විය.

ඒ අනුව බඩල්කුඹුර පොලීසිය අදාළ ස්ථානයට ගොස් ඇති අතර මේවන විට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව සඳහන්.

ඉකුත් (06) වනදා මෙම ස්ථානයේ මිනිස් හිස් කබලක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරක් ලැබී තිබේ.

හිස් කබල ප්‍රථමයෙන්ම දැක ඇක්කේ අදාළ ඉඩම ආසන්නයේ කොකෝවා කැඩීමට ගොස් ඇති වයස අවුරුදු 10ක දරුවෙකු විසින් බව තව දුරටත් සඳහන් වුණා.

පසුව එම දරුවා ඒ පිළිබදව සිය සොයුරියට පවසා ඇති අතර පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී ඇත්තේ ඇය විසින්.

මේවන විට පොලීසිය විසින් අදාළ පාර්ශවයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන් වුණා.

හමු වූ හිස්කබල වැඩිදුර පරීක්ෂණ සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.

මේ අතර හිස්කබල හමුවූ ඉඩමෙහි ස්ථානීය පරීක්ෂණය මොණරාගල වැඩබලන මහේස්ත්‍රාත් සිසිර බණ්ඩාර මහතා විසින් ඊයේ (07) සිදුකරනු ලැබුවා.

ඉකුත් මාර්තු මස කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයෙන් ගමන් බෑගයක දමා තිබී හමු වූ හිස සුන් කාන්තා මළ සිරුර ට අදාළ සිද්ධියට සම්බන්ධ උප පොලිම් පරීක්ෂක ප්‍රධාන සැකකරු පදිංචිව සිටියේ බඩල්කුඹුර ප්‍රදේශයේ වන අතර මෙම හිස් කබල එම කාන්තාව කී ද යන්න සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි.

එම සිදුවීම ආශ්‍රිත CCTV දර්ශනවල දී අදාළ පොලිස් නිලධාරියා බෑග කිහිපයක් රැගෙන ආකාරය පෙනුණු අතර එම එක් බෑගයක් තුළ ඇගේ හිස ඇතැයි පොලීසිය එවකට සැක කළා.නමුත් ඇයගේ හිස මේවන තෙක් හමුවූයේ නැහැ.

බුත්තල පොලීසියට අනියුක්තව සේවය කළ අදාළ උප පොලිස් පරීක්ෂකවරයා පසුව සියදිවි නසාගෙන සිටිය දී හමු වූවා.

මෙම තත්ත්වයත් සමග බඩල්කුඹුර ප්‍රදේශයෙන් හමුවූ හිස්කබල අදාළ කාන්තාවගේ දැයි සැකයක් මතුව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles