බඩුමිල අහස උසට යයි… බී ලූණුත් වැඩිවේ…!

0
582

එළවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග පාරිභෝගිකයන් පවසනුයේ තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවය.

මේ වන විට බෝංචි රුපියල් 480ත් 520ත්, වම්බටු 550ත් 600ත්, ලික්ස්, කැරට්, බිට් රුපියල් 440ත් 480ත්, මාළු මිරිස් රුපියල් 700ත් 750ත්, අළු කෙසල්  300ත් 320ත්, පතෝල රුපියල් 400ත් 440ත් අතර මිලකට අලෙවි වන බවද එම පිරිස් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි එලවළු වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ එලවළු තොග මිල ගනන් මේ වන විට ඉහල ගොස් ඇති බවත් එම තත්වයන් මත මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

පොල් තෙල්, පාන්පිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙන්ම පරිගණක උපාංග, ජංගම දුරකථන ඇතුළු මෑතකාලයේ මිල තරමක් අඩු වූ සියලු භාණ්ඩ එක්වර මිල වැඩිවී ඇත.

ඊට හේතු ලෙස වෙළෙඳුන් දක්වන්නේ ඩොලරයේ ඇතිවූ ක්ෂණික ඉහළ යාමයි. එසේ වුවද, ඩොලරය පහළ යද්දී ඊට සාපේක්ෂව මෙලෙස බඩුමිල ක්ෂනිකව පහළ නොගිය බවට පාරිභෝගික ජනතාව මැසිවිලි නගනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here