බඩු මිල කිහිප ගුණයකින් ඉහළට….

0
453

මෙරටට ආනයනය කරනු ලබන සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නැංවීම සඳහා ආනයනකරුවන් ඉල්ලීම් සිදුකර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද පෙරවරුවේ සතොස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

“සියලූම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරන්න ඉල්ලීම් කරලා තියෙනවා. හේතුව තමයි මුළු ලෝකෙම සැපයුම් ජාලය, නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වෙලා. නැව් ගාස්තු ඉතා විශාල ලෙස වැඩිවෙලා. කන්ටේනර් ගාස්තු 300%කින් වැඩිවෙලා. ලෝකෙම ආහාර නිෂ්පාදන අර්බුදයක් තියෙනවා. ඒ නිසා රජය කරලා තියෙන්නේ අඩු කරන්න පුළුවන් භාණ්ඩවල මිල නිෂ්පාදකයින් සමග සාකච්ඡා කරලා අඩු කරලා තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here