Sunday, January 26, 2025

බඩු මිල වැඩි බව පිළිගන්නවා

රටේ බඩු මිල ඉහල ගොස් ඇති බව පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් කණ්ගාටුවෙන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්  පතිරණ මහතා ඊයේ (12) බලපිටියේදී කීවේය.

බලපිටිය මූලික රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව එසේ කී රමේෂ් පතිරණ මහතා මෙසේ ද කීවේය.

රුපියල ශක්තිමත් කරලා රට යළි නගා සිටුවීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය වෙමින් තියෙනවා. ඒ සදහා මෙරට සංචාර ව්‍යාපාරය ගැන අපි ලොකු බලාපොරොත්තුවක් තබා ගෙනයි ඉන්නේ.සංචාරක ව්‍යාපාරය දියුණු කරන ගමන්ම විදේශ ආයෝජන කෙරෙහිත් අවධානය යොමු කරලා අපි රුපියල ශක්තිමත් කරනවා.

කොරෝනා රෝගීන් මෙන්ම මරණ ප්‍රතිශතය එන්න එන්නම අඩුවීම රටේ යහපතට හේතුවක් වෙලා තියෙනවා. 2022දී මේ රටට යළි හොද දසාවක් ලබාවී කියලා අපි හිතනවා. ඒ වෙනුවෙන් අපේ රජය කැපවී කටයුතු කරනවා යයිද පතිරණ මහතා කීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles