බණ්ඩාරගමදී මහ දවල් තරුණයන් දෙදෙනකුගේ දෑත් කපයි

0
312

බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණයේදී විශාල පිරිසක් බලා සිටිද්දී තියුණු ආයුධයකින් පහරදී තරුණයන් දෙදෙනකුගේ දෑත් කපා ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

එක් තරුණයකුගේ දෑත් වෙන් වනසේ එම ප්‍රහාරයෙන් එල්ලවී ඇති අතර අනෙක් පුද්ගලයාගේ වම් අතට පමණක් ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියෙන් අත් දෙකටම බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මාර්ගයේ දිවවිත් වල්ගම සුසාන භූමිය ඉදිරිපිට වැටී ඇති අතර අනෙක් පුද්ගලයා පොලිසියට දිවවිත් සිද්ධිය පැවසූ බව පොලිසිය කියයි.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ රිමාන්ඩ් බාරයේ සිට මෑතක නිදහස්ව පැමිණි පුද්ගලයකු බවත් පොලිසිය කියයි.

ප්‍රහාරය එල්ල වූ පුද්ගලයන් ද මත්කුඩු ජාවාරමේ යෙදෙන්නන් බවට තොරතුරු ලැබී ඇති අතර එය තහවුරු කරගැනීම සඳහා පොලිසිය පරිකෂණ ආරම්භ කර ඇත.

එම ත්‍රීරෝද රථයේ ද තියුණු ආයුධ තිබූ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here