Monday, December 23, 2024

බණ්ඩාරනායක ගුණ සමරැ උත්සවය මෙවර නොපැවැත්වෙි

සැප්තැම්බර් 26 වැනිදාට නියමිත 62 වන බණ්ඩාරනායක ගුණ සමරු උත්සවය නොපැවැත්වෙන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොවිඩ් අවදානම හේතුවෙන් ගුණ සමරු උත්සවය ‍නොපැවැත්වීමට තීරණය කළ බවයි හිටපු ජනාධිපතිනිය පවසන්නේ.

මාධ්‍ය නිවේදනයයි

1960 වසරේ සිට අඛණ්ඩව වසර 60 ක් පුරාවට පැවැත්වූ බණ්ඩාරනායක ගුණ සමරු උත්සවයේ 62 වන ගුණ සමරුව, පවතින දරුණු කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර 2021 සැප්තැම්බර 26 වන දින නොපැවැත්වෙන බව කණගාටුවෙන් යුතුව දැනුම් දෙමු.

දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා, දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මැතිතුමා වෙනුවෙන් මෙදින ඔබට හැකි ඕනෑම වේලාවක, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව, ගෞරව දැක්වීම සඳහා ඉඩ කඩ වෙන් කර ඇති බවද සිහිපත් කරනු කැමැත්තෙමු.

මීට,
හිතවත්,
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග / සුනේත්‍රා බණ්ඩාරනායක

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles