බණ්ඩාරනායක සැමරුමේදී චන්ද්‍රිකාගෙන් නිදහස් පක්ෂයට දැඩි චෝදනා – මෛත්‍රී පසුව පැමිණ උපහාර දක්වයි

0
290

වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ප්‍රතිපත්ති විකුණාගෙන කමින් සිටින බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරණායකගේ 62 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් හොරගොල්ල – බණ්ඩාරණායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමට අද පැමිණි අවස්ථාවේදීයි.

හිටපු ජනාධිපතිනිය එම ස්ථානයෙන් පිටව යෑමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද එම ස්ථානයට පැමිණියා.

ඔහු සඳහන් කළේ ආණ්ඩුවට සහයෝගය පළ කළද බණ්ඩාරණායක ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම වෙනුවෙන් නිදහස් පක්ෂය පෙනී සිටින බවයි.

ඔහු සමඟ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර සහ නිදහස් පක්ෂ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක්ද එම ස්ථානයට පැමිණ සිටියා.

එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව බලවේගයක් ලෙස කටයුතු කරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පුෂ්පෝපහාර දැක්වීමට පැමිණීමෙන් පසුව නිදහස් පක්ෂය පිළිබඳව අදහස් පළ කළා.

එම අවස්ථාවට උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නද එක්වුණා.

මේ අතර, කෙරවලපිටිය බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබූ අතර, කල් දැමීමට හේතුව දෙපාර්ශවයම අනාවරණ කර නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here