බදුල්ල බන්ධනාගාරය තුළ ගැටුමක්,පහකට තුවාල

0
372

බදුල්ල, බන්ධනාගාරයේ ගැටුමක් ඇති වී තිබේ. එම ගැටුමෙන් රැඳවියන් 05 දෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

ඊයේ (10) සවස එම ගැටුම ඇතිවී ඇතිවී තිබෙන අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයා විසින් පරික්ෂණයක් ආරම්භකර තිබේ.

පාස්කු ඉරිදා එල්ලවූ බොම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැඳවියන් සහ තවත් රැඳවියන් පිරිසක් අතර එම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර අධිකාරිවරයා කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here