Wednesday, October 30, 2024

බදු ගැහුවොත් රාජ්‍ය සේවකයන් රට යයි

රජය ගෙන ඒමට අදහස් කර තිබෙන නව දේශීය ආදායම් බදු පනත හේතුවෙන් රාජ්‍ය සේවකයන් රට හැර යාමේ අවදානමක් මතු වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටී.
නව දේශීය ආදායම් පනත් කෙටුම්පත හරහා රාජ්‍ය අංශයේ වෘත්තීයවේදීන්ට වන බලපෑම් නිවැරදිව තක්සේරු වී නොමැති බැවින් මේ පිළිබඳව අවදානය යොමු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිත දැනුම් දීමක් කළ බවද සංගමයේ මාධ්‍ය ‍ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවැසීය.
ඉතිහාසයේ බලයට පැමිණි සෑම රජයක්ම රාජ්‍ය නිලධරීන් සේවයේ රඳවා තබා ගැනීම සඳහා වරප්‍රසාද මෙන්ම බදුසහන ලබා දුන් බවද වෛද්‍ය ආනන්ද මහතා කීය.
මෙසේ රාජ්‍ය සේවකයන් රාජ්‍ය අංශයේ රඳවා ගැනීම මගින් ජනතාවට විශාල සේවයක් නොමි‍ලේ ලබාදීමට හැකියාව පවතින බවද හෙතෙම පෙන්වා දේ.
රට තුළ වසර තුනක් පුරා පැවැති යුද්ධය නිමා වනවිට රට තුළ විශේෂඥ වෛද්‍යවරුන් රැඳී සිටියේ 600ක් පමණ වන අතර ඉන් අනතුරුව රජය විසින් ලබාදුන් දිරිගැන්වීම් හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් රට තුළ රැදී සිටීම සීඝ්‍රයෙන් ඉහළ ගිය බවද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවැසීය.
මේ අනුව වසර 7ක් වැනි කෙටි කාලයක් තුළ එම සංඛ්‍යාව 2000ක් ඉක්මවා යන ලෙස ඉහළ නැන්වුවද බවද හෙතෙම කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles