බදු පැහැර හරින ස්කාගාරවලින් කෝටි 5,000ක බදු ගන්න සුරා බද්දෙන් ස්ටිකරයක් එයි

0
315

බදු ගෙවීම පැහැර හරින මත්වතුර නිෂ්පාදන ආයතනවලින් ලබන වසරේදී රුපියල් කෝටි 5,000ක බදු ආදායමක් අය කර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සැලසුම් කරයි.

ඒ යටතේ මත්පැන් බෝතල්වල විශේෂ ස්ටිකරයක් ඇලවීම ලබන 15 වැනිදා සිට ආරම්භ කරන අතර ඒ මගින් බදු නොගෙවා පැහැර හරින මත්පැන් සමාගම්වලට ගැලවීයාමට ඉඩ නොලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව විශ්වාසය පළකර සිටී. ඇතැම් මත්පැන් සමාගම් ඉකුත් කාලසීමාවේදී වාර්ෂිකව රුපියල් කෝටි 5000 බැගින් අතිවිශාල මුදල් සම්භාරයක් පැහැර හැර ඇතැයි අනාවරණය වූ පසු මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීමට තීරණය කෙරිණි. බදු ගෙවීම් පැහැර හරින සමාගම්වල කටයුතු දැඩිලෙස විමර්ශනය කිරීමට ද සුරාබදු දෙපාර්තුමේන්තුව කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here