බන්දුලගෙන් නැවතත් සහන මල්ලක්

0
453

සුපිරි සම්බා සහල් කිලෝ 10ක් ඇතුළු ව අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20කින් සමන්විත භාණ්ඩ මල්ලක් රුපියල් 3998කට ලංකා සතොසෙන් ලබාගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, එවැනි සහන මලු ලක්ෂයක් දිවයින පුරා ලංකා සතොසෙන් ලබාගත හැකි බව යි ඔහු සඳහන් කළේ.

මෙම සහන මල්ල තුළ පහත සඳහන් භාණ්ඩ ඇතුළත් වනවා.

සුපිරි සම්බා කිලෝ 10ක්

සුදු සීනි කිලෝවක්

රතු පරිප්පු කිලෝවක්

ඉඳිආප්ප පිටි කිලෝවක්

හාල්මැස්සන් ග්‍රෑම් 500ක්

නූඩ්ල්ස් ග්‍රෑම් 400ක්

මේස ලුණු ග්‍රෑම් 400ක්

පොල්ගෙඩි 2ක කිරි (මිලිලීටර් 330ක පැකට්ටුවක්)

මිරිස් කුඩු ග්‍රෑම් 100ක්

ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100ක්

තුනපහ කුඩු ග්‍රෑම් 100ක්

කහකුඩු ග්‍රෑම් 100ක්

STC තේකොළ ග්‍රෑම් 100ක්

ඇඟ ගල්වන සුවඳ සබන් ග්‍රෑම් 80 කැටයක්

සතොස සඳුන් සබන් කැටයක්

දෑත් සෝදන දියර මිලිලීටර් 100ක්

සෝයාමීට් ග්‍රෑම් 90ක්

සතොස TFM අගය සහිත රෙදි සෝදන සබන් කැටයක්

පපඩම් පැකට් 1ක්

ශල්‍ය මුහුණු ආවරණ 10ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here