බන්දුලත් රිවස් කරයි – සතොසෙන් සීනි සහ සහල් මිල දී ගැනීමේදී පැන වූ කොන්දේසිය ඉවතට

0
293

සතොසෙන් සීනි සහ සහල් මිල දී ගන්නා පාරිභෝගිකයින් වෙනත් භාණ්ඩ ලබාගත යුතු බවට පනවා තිබු කොන්දේසිය ඉවත් කර තිබෙනවා.

සීනි සහ සහල් පමණක් සතොසෙන් මිලට ගැනීමට නොහැකි බවට පැනවූ කොන්දේසිය ඉවත් කරන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ කියා සිටියා. එම භාණ්ඩ දෙකට අමතරව තවත් භාණ්ඩ සංඛ්‍යාවක් මිලදී ගැනීම අනිවාර්ය බවයි ඇමතිවරයා පසුගියදා පැවසුවේ.

සීනි සහ සහල් මිල දී ගැනීමේදි ඊට අමතරව, තවත් භාණ්ඩ 5ක් මිලදී ගත යුතු බවට මීට පෙර කොන්දේසි පනවා තිබුණා.

එහෙත් පාරිභෝගික පනත යටතේ එවැනි බලපෑමක් කළ නොහැකි බව නීති විශාරදයන් පෙන්වාදුන් අතර, ඇමතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් දැඩි ජනතා අප්‍රසාදයක් ද මතුවුණා. දැඩි ආර්ථික අපහසුතා මැද සිටින තමන් මෙවැනි තීරණ නිසා තවත් පීඩාවට පත් වන බවයි ඔවුන් පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here