බන්දුල ගුණවර්ධනලා ආපු දවසේ ඉදන් ප්‍රශ්න තමයි ආවෙි

0
348

පාරිභෝගික සේවා අධිකාරිය නියාමන ආයතනයක් වුව ද ඇමැතිවරුන් කියන දේ කරන ආයතනයක් බවට එය පත්ව ඇති බවත් බන්දුල ගුණවර්ධනලා පැමිණි දවසේ සිට ප්‍රශ්න ඇති වූ බවත් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන පවසයි.

තමන් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණියේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමට වුව ද එහි ඒ සඳහා ඉඩක් නොමැති බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් පැවසුවේය.

කිසිදු ප්‍රායෝගික පදනමක් නොමැතිව විවිධ පුද්ගලයින්ගේ උවමනා එපාකම් අනුව නිකුත් කළ ඉතිරි ගැසට් ද ඉදිරියේ දී ගැලවීමට සිදුවනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

https://youtu.be/D-iZhUlGfH8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here