Friday, November 15, 2024

බන්දුල පිටකොටුවේ සහල් මිල ගණන් බලන්න යයි. සතොසෙ සම්බා සහල් මිල පහත දමයි

සතොස හරහා අලෙවිකරන ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් දෙකකින් අඩුකිරීමට පියවර ගත් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සහල් තොග මිල සොයා බැලීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පෙරවරුවේ පිටකොටුව සහල් තොග වෙළඳසල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණි.

එතුමා පාකිස්තානයේ සංචාරය කර දිවයිනට පැමිණෙන අතරතුර ශ්‍රී ලංකාවේ සහල් මිල නැවතත් විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට පැතිර යෑම යන අසත්‍ය ප්‍රචාර පිළිබඳව දැනගැනීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

මෙහිදී පිටකොටුවේ සහල් තොග වෙළදුන් සමග මිල ගනන් විමසීමේ දීණන් විමසීමේ දී අද වන විට කැකුළු සහල් කිලෝ ක තොග මිල රුපියල් 100 කුත් නාඩු සහල් කි තොග මිල රුපියල් එකසිය පහකුත් සම්බන්ධ සහල් කිලෝ තොග මිල රුපියල් 118 ක් බව දැනගන්නට ලැබුණා.

ඒ අනුව, ඕනෑම අයෙකුට සහල් ඕනෑම ප්‍රමාණයක් ඉහත සඳහන් කළ මිළගණන් යටතේ පිටකොටුව තොග වෙළෙඳ හුවමාරුවෙන් මිළට ගත හැකි බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙරටට ආනයනය කරනු ලැබූ සහල් තොග වරායෙන් නිදහස් කරගැනීමෙන් පසුව සහල් මිල තවදුරටත් පහළ යනු ඇති බව සඳහන් කරන ලදි.


එහිදී අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

“සතොස නාඩු සහල් රුපියල් 105යි. අද සිට සම්බා 128යි. කිලෝ 10ක් පාරිභෝගිකයා ට දෙනවා. වරායේ තවත් සහල් විශාල තොගයක් තියෙනවා හිර වෙලා. ඒ ටිකත් ආවොත් වෙළෙඳපොළේ සහල් මිල තවත් අඩු වෙයි.”

ඒ අනුවම අද සිටම අද සිටම ක්‍රියාත්මක වන පරිදි දැනට සතොසේ රුපියල් 130 කට අලෙවි කරන ආනයනික සම්බා කිලෝව මිල අද (29) සිටම රුපියල් 128 අලෙවි කිරීමට කටයුතු කරන ලෙස ඔහු බලධාරීන්ට දැනුම් දුන්නා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles