ද්විපාර්ශ්වීය වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පෙරවරුවේ ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා.
හෙතෙම මෙම නිල සංචාරයේදී එරට ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය තානි පින් අහමද් අල් – සෙයුදි හමුවීමට නියමිතයි.
එමෙන්ම ඩුබායි රාජ්‍යය විසින් සංවිධානය කරනු ලබන Dubai EXPO 2022 ප්‍රදර්ශනය සඳහා ද අමාත්‍යවරයා සහභාගි වීමට නියමිතය.
එම ප්‍රදර්ශනය මෙම මස 17 සිට 19 දිනයන් හිදී ඩුබායි ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා අපනයන සන්නාම පිළිබඳ වෙළෙඳ ප්‍රදර්ශනය (Sri Lanka Export Brands Exhibition) ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට කටයුතු සැලසුම් කොට ඇත. මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකේය සන්නාම 50ක් පමණ ඉදිරිපත් කරනු ලබයි.