Sunday, September 22, 2024

බන්දුල බොරු කියලා මාධ්‍යයට-වරද පිළිගනී

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට වාර්තාවක් යැවු බව මාධ්‍ය හමුවේදී තමා පැවසු කරුණු අසත්‍ය බව මහින්ද පිලේ මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගෙන් බැඳුම්කර කොමිසම සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති අතර තමන් මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු පැවසූ බව පසුව බන්දුල ගුණවර්ධන මහතා අද (09) එම කොමිසම හමුවේ පිළි ගෙන තිබේ.

මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු පැවසීම ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ ක‍්‍රියාකලාපය දෝෂ දර්ශණයට ලක් කරමින් මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු නොපැවසීමට සැළකිලිමත් වන ලෙස ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරුන් බන්ධුල ගුණවර්ධන මහතාට අවවාද කර තිබේ.

බැදුම්කර ගණුදෙණුව පිළිබඳව තමා දන්නා තොරතුරු හෙළි කිරීම සඳහා තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙස බන්ධුල ගුණවර්ධන මහතා බැඳුම්කර කොමිසමෙන් අවසර ඉල්ලා තිබු අතර ඒ අනුව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඊයේ (08‍) කළ දැනුම් දීමකට අනුව බන්දුල ගුණවර්ධන මහතා අද එහි පෙනී සිටියේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles