Friday, January 24, 2025

බන්ධනාගාරයේ සිද්ධියට ඇමති විතරක් නෙවෙයි නිලධාරීනුත් වගකියන්න ඕන – නීතීඥ සේනක පෙරේරා

වැලිකඩ බන්ධනාගාරයේ සහ අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා මෙහෙයුමක් දියත්වෙමින් තිබෙන බව නීතිඥ සේනක පෙරේරා මහතා පවසනවා. අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවීමට අදාල CCTV දර්ශන මකා දැමීමේ උත්සාහයක් පිළිබඳව වාර්තා වී ඇති බවයි නීතීඥ සේනක පෙරේරා මහතා සඳහන් කරන්නේ.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී සේනක පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පලියට ඇමතිවරයෙකු වූ පලියට බන්ධනාගාර වැනි ස්ථානවල මෙවැනි ආකරයෙන් බීමත්ව හැසිරීමට ඔහුට කිසිදු අයිතියක් නොමැති බවද නීතිඥවරයා සඳහන් කරනවා.

බන්ධනාගාරයේ සිරකරුවන් රඳවා සිටින ස්ථානවලට පිටස්තර පුද්ගලයන්ට තබා බන්ධනාගර නිලධාරීන්ට පවා ගිනි අවි සහිතව ඇතුළු විය නොහැකි බව පෙන්වා දෙන සේනක පෙරේරා මහතා පවසන්නේ එසේ තිබියදී ගිනිඅවි සහිතව, බීමත්ව ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිවරයා සිරකරුවන් සිටින ස්ථාවලට ඇතුළු වූයේ කෙසේදැයි විමසා සිටිනවා. පැවසීය.සිදුවීම ගැන පරීක්‍ෂණයක් සිදු කිරීම සදහා ස්වාධීන අපක්‍ෂපාති මණ්ඩලයක් පත් කල යුතු බවත් මෙි සමිබන්ධයෙන් රාජ්‍ය ඇමතිවරයා පමණක් නොව බන්ධනාගාර නිලධාරීන්ද වගකිව යුතු බවත්ගිනි අවියක් රැගෙන බන්ධනාගාරය තුලට යාම හේතුවෙන් ඇමතිවරයා අත්අඩංගුවට ගත් යුතු බවත් ඔහු කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles