කොරෝනා වසංගතය හේතුවෙන් බන්ධනාගාරයට රැදවියන් හමුවීම පිණිස අමුත්තන්ට ඇතුල් වීමට අවසර ලබා නොදීමට පසුගිය අගෝස්තු 07 වන දා තීරණය කල අතර ලබන සඳුදා (04) සිට පෙර පරිදි අමුත්තන්ට රැදවියන් හමුවිය හැක.
නමුත් වසංගත තත්ත්වය සම්පුර්ණයෙන් පහව ගොස් නැති නිසා මාර්ගගත ක්රමය ඔස්සේ අමුත්තන් හමුවීමට උනන්දු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දන්වා සිටියි.