බන්ධනාගාර රෝහලේ සිටි රන්ජන් සතුව තිබී ජංගම දුරකථනයක් සොයා ගැනේ

0
308

රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාදීම සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට ඔහු වෛද්‍ය උපදෙස් මත දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිම සදහා නොවැම්බර් මස 10 වෙනිදා කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කෙරුණා.

ඊයේ රාත්‍රී 10ට පමණ බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නිරත නිලධාරීන් විසින් හදිසි සෝදිසි කිරීමක් කළ අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සහ හෑන්ඩ් ෆ්‍රී එකක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සැකකාර හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනුකර බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here