බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට බෝම්බ ගසා මනුෂ්‍ය ඝාතනයයකට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

0
432

බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයට පෙට්‍රල් බෝම්බ ගසා මනුෂ්‍ය ඝාතනයකට තැත් කළැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු මෙම 23 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා ඊයේ (10 ) නියෝග කර තිබේ.

බම්බලපිටිය ආදීමලේ පෙදෙසේ පදිංචි හුසේමා අබ්බාස් කැන්බෝයි නමැති සැකකරුවකු එලෙස රිමාන්ඩ් භාරයට පත් කර ඇත.පෙරේදා (9 වැනිදා) උදෑසන බෝරා දේවස්ථානයේ මුළුතැන්ගෙයට එක් පෙට්‍රල් බෝම්බයක් එල්ල කර තිබෙන බවත්, බෝම්බය පිපිරී නොමැති බවත් පොලිසිය පවසයි.

එම පෙට්‍රල් බෝම්බය ගැසූ ස්ථානයේ කිලෝග්‍රෑම් 36 1/2ක ගෑස් සිලින්ඩර 6ක් තිබී ඇති අතර යම් හෙයකින් පෙට්‍රල් බෝම්බය පුපුරා ගියේ නම් විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බවද පොලිසිය අධිකරණයට දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here