Tuesday, September 24, 2024

බයිඩන් නිසා චීනය ඇමරිකාව ගණන් නොගන්නා බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් චෝදනාවක්.

වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනයේ ඇති දුර්වලතා හේතුවෙන් චීනය විසින් ඇමරිකාව නොතකා හරින තත්වයකට පත්ව ඇති බව එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ෆොක්ස් නිවුස් සේවය වෙත අදහස් දක්වමින් ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇත්තේ ඔහු ජනාධිපති ධුරය දරන සමයේ චීනය විසින් ඇමරිකාවට ගරැ කරමින් කටයුතු කළත් වත්මන් බයිඩන් පාලනය හමුවේ එවැනි තත්වයක් දැකගත නොහැකි බවයි.

ජනාධිපති බයිඩන් බලයට පත්වීමෙන් පසු චීන ජනාධිපති ෂී ජින් පින් සමග දුරකතන සාකච්ඡා දෙකක් පැවැත් වූ අතර එම සාකච්ඡාවල අරමුණ ලෙස ධවල මන්දිරය ප්‍රකාශ කළේ ඇමරිකාව සහ චීනය අතර පවතින තරගකාරීත්වය වගකීම් සහගතව කළමණාකරනය කර ගැනීම සම්බන්ධයෙන් අදහස් හුවමාරැ වූ බවයි.

කෙසේවෙතත් චීනය සමග එවැනි ප්‍රවේශයකින් කටයුතු කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවේචනයට ලක්වී ඇති අතර ඔහු සදහන් කරන්නේ එය පසුබෑමක් බවයි.

තමන් යළි 2024 වසරේදී යළි ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් එය ඇමරිකානු ජනතාවගේ බලාපොරොත්තුවක් බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles