බයිඩන් බූස්ටර් එන්නත ලබා ගනී

0
324

ඇමෙරිකාවේ අවුරුදු 60 වැඩි වැඩිහිටියන් සඳහා ප්‍රවර්ධකයක් (බූස්ටර්) ලෙස ‘ෆයිසර්’ එන්නතේ තෙවැනි මාත්‍රාවක් ලබා දීම කළ යුතු යැයි එරට ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය තීරණය කිරීමත් සමඟ ජනාධිපති ජෝ බයිඩන් ද එම තෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගත්තේය.

ජනාධිපති බයිඩන් සමඟ ජනාධිපති ආර්යාව ජිල් ද තෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගත්තාය. බයිඩන් සහ ජිල් මීට පෙර ‘ෆයිසර්’ එන්නතේ මාත්‍රා දෙකම නියමිත පරිදි ලබා ගෙන ඇත.

ජනාධිපති ප්‍රවර්ධක එන්නත් ලබා ගන්නා අයුරු සජීවීව ඇමෙරිකන් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධ කෙරුණි. ඒ, ‘ෆයිසර්’ එන්නතේ නියමිත මුල් මාත්‍රා ලබා ගත් ඇමෙරිකානුවන් දිරි ගැන්වීමක් වශයෙනි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා එන්නත ලබා ගත්තේ ධවල මන්දිරයේ රාජකාරිවල නියැලී සිටින අතරතුරේදීය. ‘වඩාත් බිහිසුණු වේගවත් ඩෙල්ටා කොවිඩ් 19 විකෘතිය හැමතැනම ව්‍යාප්ත වෙනවා. එයින් ආරක්ෂා වීමට බූස්ටර් එන්නතක් අවශ්‍යයි. මා ඔබ සැමගෙන් ඉල්ලීමක් කරනවා. බූස්ටර් එන්නත ලබා ගන්න’ යැයි බයිඩන් එන්නත ලබා ගැනීමෙන් පසු ඇමෙරිකන් ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

(රොයිටර්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here