Thursday, November 7, 2024

බයිඩන් වෙසක් සමරයි.

ඉතිහාසයේ ප්‍රථම වරට ජාත්‍යන්තර සැමරුම් දිනයක් ලෙස සැලකෙන වෙසක් උත්සව අමෙරිකාවේ ධවල මන්දිරයේදී සමරා ඇත.

ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, ධවල මන්දිරයේදී වෙසක් පුරපසළොස්වක පොහෝ දින වෙසක් සැමරුමක් පවත්වා ඇත.

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරමින් මෙම වෙසක් උත්සවය පවත්වා තිබුණේ, ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය නියෝජනය කරමින් සහභාගී වූ ධවල මන්දිර දෙවැනි පෙළ ප්‍රධාන නිලධාරී ඩග්ලස් එම්හෝෆ් මහතාගේ සහ ථේරවාදී, මහායාන, සහ වජ්ද්‍රාසන බෞද්ධ නිකායන්හි භික්‍ෂූන් වහන්සේලාගේ ද සහභාගිත්වයෙනි.

උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් බෞද්ධ විහාරාධිපති කටුගස්තොට උපරතන නා හිමියෝ ථේරවාදී බුදුදහම නියෝජනය කරමින් එම ඓතිහාසික අවස්ථාවට සහභාගි වූහ.

වෙසක් දින උත්සවය ආරම්භ කරමින්, ඩග්ලස් එම්හෝෆ් මහතා සහ එම අවස්ථාවට සහභාගි වූ භික්ෂූහු පහන් දැල්වීම සිදුකළ හ.

මෙහිදී ඩග්ලස් එම්හෝෆ් මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයින්ඩ් මහතා ගේ වෙසක් දින පණිවුඩය ඉදිරිපත් කළේය.

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ, ප්‍රධාන උත්සවය ලෙස වසර 2500 ඉතිහාසය පුරා සමරනු ලබන වෙසක් දිනයේදී දයානුකම්පාව, නිහතමානී කම, පරාර්ථකාමීත්වය යන බුදුදහමේ හරය ලෝක ජනතාවට සිහිපත් කරන බව කී ඩග්ලස් එම්හෝෆ් මහතා මානව වර්ගයාගේ සුබ සිද්ධිය සඳහා බෞද්ධාගම මගින් මහඟු මෙහෙවරක් සිදුකරන බව ද කීවේය.

ධවල මන්දිරයේ පැවති වෙසක් දින උත්සවය ට ඇමරිකානු රාජ්‍ය ලේකම් ටෝනි බ්ලින්කන් මහතා ද සුබපැතුම් එක්කර තිබිණි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles