බරණැස් නුවර සිට – කොළඹ නම් නුවරට….

0
392

ඉන්දියාවේ බරණැස හින්දු විශ්ව විද්‍යාලයේ පෙරදිග සංගීතය පිළිබඳ මහාචාර්ය විෂ්ණු චිට්ටන් බලාජි මහතා  සතියක ශාස්ත්‍රීය සංගීත චාරිකාවක් සදහා අද දහවල් දිවයිනට පැමිණියාය.

බලාජි මහතා ශාස්ත්‍රීය ගායන අංශයේ මෙන්ම වයලීන වාදනයෙහි ද අති දක්ෂයෙකි .

බලාජි මහතා සංගීත විශාරද සුජාතා අත්තනායක මහත්මියගේ නිවසෙහි දී ද  පිටකෝට්ටේ රවි බන්දු විද්‍යාපති නර්තන ඇකඩමියේ දී  ශ්‍රී ලංකාවේ සංගීත විෂය උගන්වන ගුරු භවතුන් , උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සංගීතය විෂය හදාරන සිසුන් සදහාත්, ශාස්ත්‍රීය ගායනා සහ වාදන වැඩසටහනක් පැවැත්වීමට නියමිතය .

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේදී ත් ශාස්ත්‍රීය ගායන සහ වාදන ප්‍රසංග පැවැත්වීමට නියමිතය .

මෙම සියලු ශාස්ත්‍රීය සංගීත ප්‍රසංග සංගීත විශාරද සුජාතා අත්තනායක මහත්මියගේ මෙහෙයවීමෙන් සහ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැළසුම් කර තිබේ. සංගීත විශාරද සුජාතා අත්තනායක මහත්මියගේ ආරාධනයෙන් ඔහු මෙරටට පැමිණියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here