බරවා තුරන් කළ රටක් – WHO සහතිකය ලංකාවට

0
418

බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ශ්‍රී ලංකාවට හිමිවී තිබෙනවා.එය ලබන 21වනදා මෙරටට භාරකිරීමට නියමිතයි.

ුඑය මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ලැබූ ජයග්‍රහණයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.ජලභීතිකාව හා ක්ෂය රෝගය වසර දෙදහස් විස්සේදී මෙරටින් තුරන් කිරීමට හැකිවනු ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මෙම දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට  බරවා රෝග ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේවිකා  මෙන්ඩිස් ද එක්ව සිටියා. තවත් රෝග ගණනාවක් මෙරටින් තුරන් කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්  වෛද්‍ය පාලිත මහීපාල මෙහිදි වැඩිදුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here