බලය ගැනීමෙන් පසු ගොඩක් අයට බුදු දහම අමතක වෙනවා

0
283

සමහර දේශපාලන පක්ෂ බුදුදහම පාවිච්චි කර බලයට පැමිණියත් බලය ලබා ගැනීමෙන් පසු බුදු දහමේ උන්නතිය වෙනුවෙන් කිසිවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් කැපී පෙනෙන දැවැන්ත මෙහෙවරක් කරන්නට ඉතිහාසයේ සිට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ක්‍රියා කර තිබෙන බවද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ බෞද්ධ කමිටුව යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

නිරෝධායන නීති වලට අනුකූල වෙමින් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මෙම උත්සවය පැවැත්විණි.

“ඩී.එස් සේනානායක මහතා ඇතුළු සියලු නායකයන් රටේ අණ පනත් ගෙන ඒමේ දී පවා මුලින්ම කළේ භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා ලබා ගැනීමයි .එය එදා සිටම එක්සත් ජාතික පක්ෂයේ සිරිතක් ලෙස පැවතුණා. එක්සත් ජාතික පක්ෂය යළිත් නිසි ස්ථානයේ තැබීම සඳහා අප සියලුම දෙනා ඇප කැපවී ක්‍රියා කරනවා”යනුවෙන් ද රුවන් විජයවර්ධන මහතා කීය.

සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද එක්සත් ජාතික පක්ෂ මහාලේකම් පාලිත රංගෙ බණ්ඩාර,එජාප ජ්‍යෙෂ්ඨ උප සභාපති, බෞද්ධ කමිටු අනුශාසක සාගල රත්නායක,බෞද්ධ කමිටු සභාපති සුදත් ජයසුන්දර මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here