ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් සමගි ජන බලවේගයේත් ජනප්‍රියත්වය සීග්‍රයෙන් පහළ බැස ඇතැයි සමීක්ෂණයකින් හෙළිවී ඇති බවත් තමන් කිසිසේත්ම සභාග ආණ්ඩු පිහිටුවන්නේ නොමැති අතර බලය ලැබුනහොත් තනි ජවිපෙ ආණ්ඩුවක් ඉදිරියේදී පිහිටුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් විල්වින් සිල්වා මහතා පවසයි.
“අපි කරපු සමීක්ෂණයකදී අපි දැකපු එකක් තමයි ආණ්ඩුවේ ප්‍රසාදය සීයට තිස් ගාණකට වගේ අඩුවෙලා තියෙනවා. ඒ වගේම සමගි ජන බලවේගයේත් අඩුවෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රසාදය 14% – 15%ක් දක්වා ගිහින් තිබුණා අගෝස්තු මාසෙ වෙනකොට. අපි හිතනවා තවත් වැඩියි කියලා මේ වෙනකොට.
ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කර ඇති ගමෙන් පටන් ගමු වැඩසටහන ඊයේ හලාවත නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වුණා. එහිදී ජනතාව දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කළා.