Sunday, September 22, 2024

බල්ලන්ටත් බද්දක්

එලබෙන 2022 වර්ෂයට අදාළව දඹුල්ල මහනගර සභා සීමාවේ බදු අය කිරීම සංශෝධනය කරමින් අද (02) දිනයේ පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

මෙරට දඹුල්ල මහනගර සභාවේ මහා සභා රැස්වීම අද පෙරවරුවේ පැවැති අතර එහිදී දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් මෙම පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

එළඹෙන 2022 වසරේ සිට දඹුල්ල මහනගර සභා සීමාවේ ග්‍රාම සේවා වසම් 13 තුළ ජීවත්වෙන සියලුම නිවෙස්වල ඇති කරනු ලබන සුනඛයින් සඳහා එලෙස බදු මුදලක් අයකර එය ජනවාරි 31වනදා සිට අනිවාර්යෙන් ගෙවිය යුතු බවට යෝජනාවක් එහි ඇතුළත්ව තිබූ බව වාර්තා වී ඇත.

කෙසේ වෙතත් එහි ඇතුළත් සුනඛ බද්දක් අය කිරීමේ කරුණක් පිළිබඳව නාගරික මන්ත්‍රිවරුන් අතර කථාබහක් මතු වී  ඇත.

වාර්තා වන අන්දමට බදු මුදල 50% සිට 100% දක්වා වැඩිවීමක් ද සිද්ධ වෙයි. සියලුම ව්‍යාපාරිකයන්ට සඳහා අයිතමයන් 150 ක් යටතේ බදු මුදල් වැඩි කිරීමට කටයුතු කරන බව අද දවසේ දී දඹුල්ල මහ නගර සභාවට ඉදිරිපත් කිරීමට යෝජිත බදු සංශෝධන යෝජනා ඇතුළත් වෙයි.

මෙම බදු වැඩි කිරීම යටතේ දී සත්ව බදු හා වාහන බදු යටතේ දී ආදායම් බලපත්‍රයක් ලබා ගන්නා ත්‍රීරෝද රථ ඇතුළු සියලුම රථවාහන සඳහා ද දඹුල්ල මහ නගර සභාවට රුපියල් 1000 බදු මුදලක් බස් රථය සඳහා රුපියල් 1200/= මුදලක් ද නාගරික ජනතාවට ගෙවීමට සිදුවනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles