බල්ලෙකු නිසා මරණෙන් කෙළවර වුනු සහෝදර ආරවුල

0
302

පනාමුර පොලිස් වසමේ මුල්ඇඩියාව ප්‍රදේශයේ සිදු වූ ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙම සිද්ධියේ සැකකරු සහ මරණකරු සහෝදරයන් වන බවයි පොලිසිය සදහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දරුවෙකු අදාළ සහෝදරයාගේ නිවසේ සිටින සුනඛයකුගේ සපාකෑම හේතුවෙන් ඇතිවූ ආරවුලක් මත සැකකරුගේ බිරිදට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීම හේතුවෙන් මෙම ආරවුල හටගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරුගේ බිරිද තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 41වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය සිදුකළ පුද්ගලයා වයස අවුරුදු 27ක අයෙකි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පනාමුර පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here