බස්නාහිරින් පිටවෙද්දී ඔබව පරීක්ෂා කරනු ඇත.

0
680

කොවිඩ් වෛරසය පළාත් අතර ව්‍යාප්ත වීම වැලක්වීම සඳහා අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුල්වන පුද්ගලයින්ගේ පරිෂණ, ස්ථාන 12කදී සිදු කිරීමට තීරණය කර ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව එම ස්ථාන වන්නේ
කොච්චිකඩේ තොප්පුව පාලම,
කොටදෙනියාවේ බඩල්ගම පාලම,
නිට්ටඹුව හැලගල හන්දිය,
මීරිගම ගිරිවුල්ල පාලම,
දොම්පේ සමන බැද්ද පාලම,
හංවැල්ල වනහාගොඩ පාලම,
අලුත්ගම බෙන්තර පාලම,
තිනියාවල හන්දිය,
ඉංගිරිය කැටකැදැල්ල පාලම,
බදුරලිය කලවාන සමන්දේවාලය අසල,
මීගහතැන්න පොලිස් වසමේ ගොකදුව අවිත්තාව පාලම,
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කළේ.  

මෙම ස්ථානවලදී අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් රැපිඩ් අන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමටද තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here