බස්නාහිරින් පිටවෙන්න ගිය තවත් පිරිසකට කොවිඩ්

0
681

බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ (29) දිනයේ දී 13 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ස්ථාන 11ක දී සිදුකරනු ලබන පරීක්ෂණ තුළින් එම ආසාදිතයින් හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 18 වන දින සිට සිදුකරනු ලැබු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 10,986 දෙනෙක් අතරින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 74ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 377 දෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ වන විට හඳුනාගත් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

බස්නාහිර පළාතෙන් පිටතට කොවිඩ් වෛරසය පැතිර යෑම වැළැක්වීම සඳහා මෙම පරීක්ෂාවන් සිදුකරනු ලබන බවත් එය ජනවාරී මස 5 දක්වා සිදුකරන ලබන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර, ඊයේ දිනයේ දී කොටුව හා ගාලුමුවදොර ප්‍රදේශවල සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ තුළින් ආසාදිතයින් 9 දෙනෙක් හඳුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here