බස්නාහිරින් පිටවෙමින් සිටි 90ක් ආසාදිතයින්

0
706

බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ (30) දිනයේ දී 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ස්ථාන 11 ක දී සිදුකරනු ලැබු පරීක්ෂණ 940ක් අතරින් එම ආසාදිතයින් හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව පසුගිය දෙසැම්බර් 18 වන දින සිට බස්නාහිරින් පිටව යන පුද්ගලයින්ගේ සිදුකරනු ලැබු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 90ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ දී හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් 195 දෙනෙක් ද හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ඒ අනුව හඳුනාගෙන ඇති මුළු සමීප ආශ්‍රිතයින් ගණන 572ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here