බස්නාහිර පළාතෙන් පිටව යන අය සඳහා රැපිඩ් අන්ටිජන් ටෙස්ට් ස්ථාන 11කදී

0
857

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරනු ලබන ස්ථාන ගණන හෙට සිට 11ක් දක්වා වැඩිකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ වනවිට ස්ථාන 4කදී එම පරීක්ෂණ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් සඳහා සිදුකෙරේ.

පොලිස් මූලස්ථානයේ අද (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ අධිවේගී මාර්ගවලදීද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරන බවය.

එහි ප්‍රධාන අරමුණ වන්නේ ආසාදිතයින් හඳුනාගැනීම සහ අනු කොවිඩ් පොකුරු බිහිවීම වැලැක්වීම බව ද ඔහු පැවසීය.

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා මේ දක්වා සිදුකර ඇති ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් ආසාදිතයින් 11 දෙනෙක් හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here