බස්නාහිර ‘ලැයිසොං’ කල් දිගු වේ…!

0
543

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට ලබා දී තිබූ සහන කාලය දීර්ඝ කර තිබෙනවා.

රට තුළ ඉන්ධන සැපයීම සීමාවීම හේතුවෙන්, සේවාවන් ලබාගැනීමට මහජනතාවට සේවා ස්ථාන වෙත පැමිණීමට පවතින දුෂ්කරතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව 2022 අගෝස්තු මස 29 වනදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here