Thursday, January 16, 2025

බස් ගාස්තුත් අද සිට වැඩිවෙයි. අවම ගාස්තුව රැපියල් 16 ක් වෙයි ?

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සංශෝධිත නව බස් ගාස්තු අද (29) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.


ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට අමතරව, වාහන අමතර කොටස් මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් බස් ගාස්තු ඉහළ දමන බව බස් සංගම් පවසයි.


ඒ, අනුව නව සංශෝධනයන්ට අනුව දැනට රුපියල් 14.00 ක් ව පවතින අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් ඉහළ දැමීමටත් අනෙකුත් ගාස්තු සෙසු ගාස්තු සියයට 7.5 ත්, සියයට 10 ත් අතර අගයකින් ඉහළ යනු ඇති බවටයි වාර්තා වන්නේ.


ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්තාවට අනුව සාමාන්‍යසේවා, සුඛෝපභෝගී සේවා, අර්ධ සුඛෝපභෝගී සේවා සහ අධිවේගී මාර්ගවල බස් ගාස්තුද ඉහළ යනු ඇති බව සඳහන් වෙි.

ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කලේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව, බස් හිමියන්ගේ සංගම් සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන අතර එම සාකච්ඡාවේදී අවසන් තීරණය ගැනීමට නියමිත බවයි.

බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව සකස් කළ ගාස්තු සංශෝධනය පිළිබඳ ලේඛණය මේවනවිටත් සකස් කර අවසන් බවද ශෂී වෙල්ගම මහතා ප්‍රකාශ කළා.

පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණයත් සමග බස් ගාස්තු ද ඉහළ දැමිය යුතු බවට බස් සංගම් රජයෙන් ඉල්ලා සිටියා.

දැනට රුපියල් 14ක් ලෙස පවතින අවම බස් ගාස්තුව රුපියල් 20 දක්වාත් සෙසු ගාස්තු සියයට 20ත් 25ත් අතර අගයකින් ඉහළ දැමිය යුතු බවට බස් සංගම් එහිදී යෝජනා කර තිබුණා.

කෙසේවෙතත් බස් සංගම් ඉල්ලා තිබුණේ බස් ගාස්තුව සියයට 15 ක අගයකින් ඉහළ නැංවිය යුතු බවත් අවම ගාස්තුව රුපියල් 17 ක් විය යුතු බවයි. 

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසන්නේ අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා වැඩිවිය යුතු බවයි. 

මේ අතර බස් රථ සඳහා පෙරගෙවුම් කාඩ්පත් හඳුන්වාදීම එළඹෙන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතයි.  

එහිදී කොන්දොස්තරවරයෙකු බස් රථයේ ගමන් නොකරන අතර අදාළ බස් රථවල ආසන ගණනට පමණක් මගීන් රැගෙනයාම සිදුකෙරෙනවා. 

බස් රථයේ පිටුපස දොරටුව වසා තබා බස් රථයේ ඉදිරිපස දොරටුව අසල පෙර ගෙවුම් කාඩ්පත්වලින් ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය යන්ත්‍ර සවි කිරීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles