බස් ගාස්තු ඉහළ දැමුවත් මගීන් රැගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට පමණයි – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

0
430

බස් ගාස්තු ඉහළ දැමුවත් මගීන් රැගෙන යා හැක්කේ ආසන සංඛ්‍යාවට පමණක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යන්නේ ද පිළිබඳව පොලිසිය යොදවා විමර්ශන සිදු කරන බවත් දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.

ලබන ජනවාරි මස 5 වැනි දා සිට පෞද්ගලික සහ ලංගම අවම බස් ගාස්තුව රුපියල් 3.00 කින් සහ අධිවේගී මාර්ග ඇතුළු අනෙකුත් බස් ගාස්තු සියයට 17 කින් ඉහළ දැමීමට ඊයේ තීරණය කරනු ලැබීය.

මෙසේ බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කරන ලද්දේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සහ අමතර කොටස් මිල ඉහළ යෑම ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින්ය.

ඒ අනුව අවම බස් ගාස්තුවද රුපියල් 14.00 සිට 17.00 දක්වා ඉහළ යන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමඟ ඊයේ ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම නව බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here